හේනේ දිවිපෙත...
බිදී ගියපු දා
පියෙකුගෙ සුසුමන්
අලි වංගෙඩියට..
පොඩිපට්ටම් වූ
ඉකි බිදුමන් මැද
අම්මා නැග්ගා
පලු ගහෙ පැල වෙත..
අකුරු ගැලපුවේ
සෝ සුසුමන් මැද
මසිත පා වුනේ
හේනේ පැල වෙත..
දහවල බත වෙත
දුව යමි හේනට
බත් ගෙඩියට බෑ
කුස පුරවන්නට..
ගඩා ගෙඩි ටිකයි
පිරෙව්වෙ හිඩැස්ස..
මවගේ වීරිය, රූපේ සෝබන
අහිමි කලා ඒ
හේනේ වැඩ ගොඩ..
මහ රෑ වල් අලි
ඌරන් ආ විට
උදෑසනට ලතැවුල්
ඉහ ඉද්දර..
දහදිය හෙලුවත්
එක්වී හැම විට
නොකලා පෝසත්
හේනේ ගෙඩි ටික..
පාසල් කාලය,
මවගේ දාහය
උදුරා ගත් ඒ
හේනේ දිවිපෙත
අවසන් නෑ අද
අපි දුප්පත් තව....
#_අනුsh_
No comments:
Post a Comment