Friday, August 28, 2015

මල් පෙත්තට…

..

මල් පෙත්තට මහ බරක්ද
පිණි බිදුවක් දරා ගන්න
මහ පොළවට වීසි වෙලා
බිදිලා යන හැටි බලන්න..
..

බිඟුන් ඇවිත් හැමතිස්සෙම
කරදර තිස් දෙක දෙන විට
මලක් ඇයිද නිහඩ උනේ
කිසිම දෙයක් නොවුනු ලෙසට..
..

දැවටී සිටි පිණි බිදුවක්
බිම දමලා පාගනකොට
මලක් ඇයිද නෙත් හෙලුවේ
අයාලෙ යන බඹරෙක් වෙත..

#_අනුsh_

Saturday, August 22, 2015

ගොළු අප්පචී..

ගොළු අප්පච්චී....

...
කටුක ඇස් හිනහෙද්දි තිස්සෙම
නුඹ කියන දේ දැනෙනවා
ජීවිතේ නම් බර වැඩියි මට
සිල්ලරේටම ගෙවෙනවා..

...
දහදියට දිය වෙච්ච ජීවිතෙ
සිහිලසක් දැන් යදිනවා
උඹ දකින එක් වරක් පාසා
පිරිත් පැන් මට ඉහිනවා...

...
ගිනි ගත්ත ඒ සියුම් වැලි මත
හිරිකඩක් වී වැටෙනවා
දෝරෙ ගලනා නුඹේ සෙනෙහස
හදවතින් මං යදිනවා..

...
කෝටු පාරට රිදුන හදවත
ඇස් දෙකෙන් මගෙ හඩනවා
උඹ කියාදුන් දහම හැමවිට
ලොවේ හැමටම කියනවා...

...
ජීවිතේ එක් සැදෑ වරුවක
නුඹ ලඟට විත් හඬනවා
ගොළු උනත් අප්පච්චියේ උඹේ
ඇස් කතාවක් කියනවා...

..
#_අනුsh_

Saturday, August 8, 2015

ලේ වල පාට

ලේවල පාට.....

මං උඹේ පිටිපස්සෙන් ඇවිත්
පිහියෙන් ඇන්නා
ඒ උඹ මට වැරැද්දක්
කරපු නිසා නෙමෙයි
උඹ මගේ 'ජාතියේ'
එකෙක් නෙමෙයි කියල
'අනිත් උන්' කියපු නිසා...
උඹ කෑගැහුවෙ නෑ
ඒත් උඹෙන් වැටෙන
ලේ බිංදු විලාප දුන්නා..
මං ඒ ලේ බිංදුවල
පාට හෙව්වා..
ඒවා
සිංහල පාටවත්, මුස්ලිම් පාටවත්,
දෙමළ පාටවත් නෙමෙයි බං..
ඒවා
අපේ පාට......
"මනුස්ස පාට"......

#_අනුsh_

Wednesday, August 5, 2015

හිමිකරුවෙක් නැති මකුළු දැල

හිමිකරුවකු නැති මකුළු දැලක්...
...

මාස දෙකකුත්
දවස් දහයක්
ගතවෙලා
දැල එලපු ඒ
මකුළුවා දැන්
මියැදිලා..
එලපු දැල තාමත්
එතන ඇත
සැගවිලා
අයිති කරුවෙක්
නෑනෙ ඒකට
හරිම මූසල
පැහැ වෙලා..
...

පුංචි කුරුමිණි
වර්ණ සමණොළ
කෙල්ලො නිතරම
පැටලිලා
දඟලමින් අඩනවා
හැම දින
නෑනෙ වීරයෝ
හැම දෙනා..
...

කුසට අහරක්
නොමැති වූ සද
හාමතේ උන්
හැමදෙනා
මකුළු වරිගෙට
සාප දීලා
මැරී යනවා
කුණු වෙලා..
...

#_අනුsh_