Thursday, October 30, 2014

සාන්තියාගෝ නම් සැරිසරන්නා

නැවත නැවත දකිනා සිහිනයක් අනුව යමින් සිය ඉරණම ලුහුබැද යන එඩේර කොල්ලෙකුගේ ජීවන පුවතක ආකාරයෙන් දිග හැරෙනා මෙමෙ කෘතිය මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගලා ගියද සැබැවින්ම එය අපේ ජීවිතයවඩ වඩාත් පුළුල් කර ලීමේ සමත් ගැඹුරු අරුත් දනවන අසිරිමත් නිර්මාණයකි. සිය සිහින ලුහුබැද යාමේ අසිරිය,ඇතුළු හදට සවන් දීමේ වැදගත්කම මෙන්මදිවි මගෙහි හමුවන දහසකුත් එකක් නිමිති නිවැරදිව වටහා ගැනීමේ අවශ්යතාවයත් මෙමගින් අපූරුවට විදහා දැක්වෙයි. එසේම ප්රේමයෙහි සුන්දරත්වයන් මෙන්ම දුබලකම්ද මෙම කෘතිය මගින් මතුකරනු ලබයි.

"එතකොට මොකක්ද ලෝකෙ තියෙන ලොකුම බොරුව?" මුළුමනින්ම විශ්මයට පත් කොලුවා ප්රශ්න කළේය.
"ඒක මෙහෙමයි,-ජීවිතයේ එක්තරා අවස්ථාවකදී අපිට සිද්ද වෙන දේවල් අපේ පාලනයන් බැහැර වුනාම ඉරණම විසින් ජීවිතය පාලනය කරන්නට පටන් ගනියි.- ඔන්න ඕක තමයි ලෝකෙ තියෙන මහම බොරුව." (22)

"ඉරණමයි කියල කියන්නෙ ඔයාට හැම තිස්සෙම සම්පූර්ණ කරගන්න ඕනෑ වෙලා තියෙන දේටයි. හැම කෙනෙක්ම තරුණ කාලෙදි තමුන්ගෙ ඉරණම මොකක්ද කියල දැන ගන්නවා"
"ඔවුන්ගේ ජීවිතවල ඒ සංධිස්ථානයේදී හැම දෙයම පැහැදිලියි. ඒ වගේම විය හැකියි. එතකොට තමුන්ගේ ජීවිතේදි ලැබිය යුතුයි කියල හිතන දේවල් ගැන හීන දකින්නත්, ඒවා ගැන බලාපොරොත්තු තියා ගන්නත් ඔවුන් බය වෙන්නේ නැහැ. හැබැයි කාලය ගෙවිල යනකොට තමුන්ගෙ ඉරණම යථාර්ථයක් බවට පත් කරගන්න එක විය නොහැක්කක් කියල කිසියම් අද්භූත බලවේගයක් ඔවුන්ට ඒත්තු ගන්වනවා." (26)

"ඔබ කවුරු වුණත්, ඔබ විසින් ඉටු කරනු ලබන කර්තව්යය කුමක් වූවත් යම් කිසිවක් පිළිබදව සත්ය වශයෙන්ම ඔබ තුල අවශ්යතාවක් පැන නගිනා විට එසේවන්නේ එම අභිලාෂය විශ්වාත්මය තුලින් පැන නගිනා නිසාවෙනි. මේ මිහිතලය මත ඔබේ මෙහෙවර වන්නේ එකී අභිලාෂය ජය ගැනීමයි." (26)

"මිනිසෙකුගී නියම සම්මුතිය විය යුත්තේ තම ඉරණම ජය ගැනීමයි. මේ හැම දේම එක් ප්රපංචයක්. ඉතින්, ඒ වගේම තමයිඔයාට යමක් උවමනා වෙනකොට ඒක ලබාගන්න ඔයාට උපකාර කරන්න මුළු විශ්වය ම කුමන්ත්රණය කරනවා." (27)

"නුඹ තේරුම් ගත යුතුම දේ තමයි ආලය කිසිම දිනෙක කෙනෙකුව තම ඉරණම ලුහුබැද යන ගමනෙන් වළක්වන්නේ නැති වග. ඔන්න යමෙක් එම ලුහුබැදීම නවත්වනවයි කියන්නෙ, ඒකෙ තේරුම ඔහු අත් විදින්නේ නියම ආලය, විශ්ව භාෂාවෙන් අමතන නියම ආලය නොවේය කියන එකයි. " (150)

"මිනිසුන් වැඩිපුර හීන දකින්නේ පිටත් වෙලා යන එක ගැන නෙමෙයි. ආපසු එන එක ගැනයි." (154)

"මං ඔය සමහර වෙලාවට කුණු කුණු ගෑවත්...." හදවත එසේ කියා තිබුණි. "ඒ වෙන මොකවත් නිසා නෙවෙයි මමත් මිනිහෙකුගේ හදවතක් නිසයි. අනික මිනිස්සු හැම වෙලාවෙම වගේ තමුන්ගෙ වැදගත්ම සිහින ලුහු බදින්න බයයි. මොකද ඒවා තමුන්ට හිමි නැතිය කියල හරි, නැත්තං ඒවා ලබාගන්න තමුන් අසමත්ය කියල හරි ඔවුන්ට දැනෙන නිසා. " (162)

"සිහින සැබෑ කරගන්නට කලියෙන් විශ්වාත්මය, සිහිනයේ උරුමකරුවාව දිගින් දිගටම පරික්ෂාවට ලක් කරනවා. එහෙම කරන්නේ විශ්වාත්මය නරක, අයහපත් කෙනෙක් නිසා නෙවෙයි. එතකොට අපිට සිහිනය සැබෑ කරගැනීමට අමතරව සිහිනය ලුහුබැද යන ගමනේදී ඉගෙන ගත් පාඩම් වල පරතෙරට යන්න හැකිවෙනනිසයි. මෙන්න මෙතන තමයි බොහෝ මිනිස්සු තම උත්සහය අත් හරින සන්ධිස්ථානය. අන්න ඒ අවස්තාවට තමයි කාන්තාරේ භාෂාවෙන් අපි 'ක්ෂිතිජය තුළ ගස් පෙනෙන්නට පටන් ගත් මොහොතෙදී පිපාසයෙන් මිය යාම' කියල කියන්නේ..." (165)

No comments:

Post a Comment