Saturday, July 18, 2015

ආදරණීය ෆර්මීනා දාසාට

ආදරණීය ෆර්මිනා දාසාට...

ෆර්මිනා,
කොට්ටන් ගහ යට
පෙර දා තනියම
උඹේ මැහුම් වැඩ
කරන අතර තුර
කවි පොත ගෙන මම
බැලුවා කවි නොව
නුඹේ දෑස් දෙස...

ආලය පෑවේ
ආලයට ම නොව
ආලය පෑවේ
පෙම් පත් වලටද?
සිතුවා තනියම
සින්න කරපු සද
මා බැදි ආලය
කොලරා කාලෙට...

හිමිදිරි අළුයම
මිහිරි ගීත නද
වැයුවා තනියම
නුඹේ නාමයට
උඹ වැතිරී ගාදිනිය
යහන මත
අහිමි කලේ මගෙ
සුහුඹුල් ආලය....

#_අනුsh_

No comments:

Post a Comment