Sunday, September 13, 2015

කුරුළු ගීතය..

ආස නැද්ද කුරුල්ලෙකුත්
නිල් අහසේ
ඔරු පදින්න
ලොවට හොරා
පෙම් කරලා
කිරිල්ලියක්
කැන්ද එන්න..

හංස හැඩති වලාකුලක්
අහස් ගඟෙන්
කුලියට ගෙන
දවස් හතක් කිරිල්ලි හා
ආදරයෙන් ඔරු පදින්න..

එයත් එක්ක පාවීලා
අහසෙ මාලිගා හදන්න
දවස් හතක්
මදි වේවී
පොඩි අත්තක
කූඩු වෙන්න..

ගහක් උනත් කැමති නැද්ද
කුරුල්ලෙක්ට
අතක් දෙන්න
කවදාහරි එක් දවසක
පුංචි පැටවු දුවපනිද්දි
ගහට උනත් කදුළු ඒවි
පොඩි පවුලක්
නොමැති දුකට..

#_අනුsh_