Wednesday, August 5, 2015

හිමිකරුවෙක් නැති මකුළු දැල

හිමිකරුවකු නැති මකුළු දැලක්...
...

මාස දෙකකුත්
දවස් දහයක්
ගතවෙලා
දැල එලපු ඒ
මකුළුවා දැන්
මියැදිලා..
එලපු දැල තාමත්
එතන ඇත
සැගවිලා
අයිති කරුවෙක්
නෑනෙ ඒකට
හරිම මූසල
පැහැ වෙලා..
...

පුංචි කුරුමිණි
වර්ණ සමණොළ
කෙල්ලො නිතරම
පැටලිලා
දඟලමින් අඩනවා
හැම දින
නෑනෙ වීරයෝ
හැම දෙනා..
...

කුසට අහරක්
නොමැති වූ සද
හාමතේ උන්
හැමදෙනා
මකුළු වරිගෙට
සාප දීලා
මැරී යනවා
කුණු වෙලා..
...

#_අනුsh_

2 comments:

  1. හොඳ කවියෙකුට මකුළුවෙක් නැති දැලත් හොඳ කවි නිමිත්තක්
    ලස්නනයි මගෙ අකුරු
    ජයවේවා!

    ReplyDelete
  2. ස්තූතියි සහෝ.. ජය!!!

    ReplyDelete