Friday, July 24, 2015

සියුම් ඉකිය

සියුම් ඉකිය....

ගොරහැඩි මගෙ
අත්ලෙ පැටළුණු
සිනිඳු සුසිනිදු
නුඹේ ඇගිලි තුඩු
කතාවක් මට කියනවා..

කොහොම කෙලෙසද
අත් හරින්නේ
සියුම් ඉකියක්
ඈත එනවා..

නිවාඩුව කෙලෙවර
වෙලා අද
යා යුතුයි සේවා
මුරය වෙත
රත්තරන් නුඹ
පණ වගේ මං
රකිනවා....

ගිහින් එනකන්
ඉකි නොගහ මගෙ
පැටව් බලපන්
උඹ වගේ මට
මගේ පැටව්න් වටිනවා....

#_අනුsh_

No comments:

Post a Comment