Friday, July 10, 2015

නොකී කවිය…

නොකී කවිය... <3 <3

..
බෝපත් සිසිලක්
ගෙනෙයි සුසුම් පොද
බෝදුක් වින්දෙමු
මිතුරු විලාසෙට..

..
බෝසත් ආලය
නුඹට පුදපු දින
කදුළු ඉණුව
මතකයි රන් මැණිකෙට..
එකතු කලේ මං
පොල්කටු දෙකකට..

..
තිත්ත කැකිරි ඇට
සීසීකඩ අද
නුඹගෙ හැසරැල්
ගෙනෙයි සුවබර..
මිල නොකරමි මම
මහ ඉඩමක් ලෙස..

..
බොරළු ඇනුන
මේ ගමන පුරාවට
නුඹ ඇඩුවේ නෑ
ළදරු විලාසෙට
පැටලී හිටියා
සුලැගිල්ලක් මත..

..
හැත්තෑ සන්ධිය
පහුකරනා සද
අපි ළග නෑ නෙව
පුංචි පැටවු ටික
උන් දුර ගෙනිහින්
සිල්ප සාස්තර..

..
කවියක් තිබ්බා
දිවිය පුරාවට
උඹ තුරුලට ගෙන
කොදුරාලන්නට..
ඉලුක් හෙවන යට
බංකු පොඩිත්තක
මගේ කවිය
පලදමි රන් මැණිකෙට...

..
#_අනුsh _

No comments:

Post a Comment