Friday, July 10, 2015

සරුංගල්…

හංදියේ පොඩි
සුමනෙ අයියගෙ
ලෑලි කඩයට
හනික දුවලා
පාට තුනකින්
තෝරලා මං
හොදම සවුකොළ
තුනක් ගත්තා..

..
මොණරු වවුලෝ
කොම්බු බෙරවෝ
ආකහේ හරි
හැඩට නැටුවා
ආස හිතිලා
මාත් හිමිහිට
පුංචි සෙබඩක්
පාට කෙරුවා...

..
දන්න සිල්පය
එකතු කරමින්
පුංචි මොණරිව
යසට වැඩුවා
පාට තුනකට
අලවලා මං
ඈත අහසට
පූජ කෙරුවා...

..
ගිණි දවාලක
අහස බල බල
උඹ රඟන හැටි
නෙතට වැටිලා
අමුතු ලෝකෙක
පාවෙමින් මම
තිතක් වෙනකන්
බලා උන්නා..

..
පාට පාටින්
සරුංගල් පොඩි
එක එකින් එක
පෙලට තිබුණා
අයිති කාරයො
නූල් දීගෙන
ඔහේ කට උඩ
බලං හිටියා..

..
නූල් ඉවරයි
උඹත් මගෙමයි
අමුතු හීනෙක
මාත් හිටියා
කුණාටුත් නැති
අමු දවාලක
උඹත් පිටගම්
යනව දැක්කා...

..
#_අනුsh_

2 comments:

  1. නොඑන නොහැඟෙන
    තනිව සිරවුණ
    පුංචි කුටියක
    ඉකි බිඳිමි මම
    අදත් එනතුරු නුඹ ..

    ReplyDelete
  2. ස්තූතියි ගොයියා එකතුවට.. ජය!!

    ReplyDelete