Thursday, October 30, 2014

සාන්තියාගෝ නම් සැරිසරන්නා

නැවත නැවත දකිනා සිහිනයක් අනුව යමින් සිය ඉරණම ලුහුබැද යන එඩේර කොල්ලෙකුගේ ජීවන පුවතක ආකාරයෙන් දිග හැරෙනා මෙමෙ කෘතිය මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගලා ගියද සැබැවින්ම එය අපේ ජීවිතයවඩ වඩාත් පුළුල් කර ලීමේ සමත් ගැඹුරු අරුත් දනවන අසිරිමත් නිර්මාණයකි. සිය සිහින ලුහුබැද යාමේ අසිරිය,ඇතුළු හදට සවන් දීමේ වැදගත්කම මෙන්මදිවි මගෙහි හමුවන දහසකුත් එකක් නිමිති නිවැරදිව වටහා ගැනීමේ අවශ්යතාවයත් මෙමගින් අපූරුවට විදහා දැක්වෙයි. එසේම ප්රේමයෙහි සුන්දරත්වයන් මෙන්ම දුබලකම්ද මෙම කෘතිය මගින් මතුකරනු ලබයි.

"එතකොට මොකක්ද ලෝකෙ තියෙන ලොකුම බොරුව?" මුළුමනින්ම විශ්මයට පත් කොලුවා ප්රශ්න කළේය.
"ඒක මෙහෙමයි,-ජීවිතයේ එක්තරා අවස්ථාවකදී අපිට සිද්ද වෙන දේවල් අපේ පාලනයන් බැහැර වුනාම ඉරණම විසින් ජීවිතය පාලනය කරන්නට පටන් ගනියි.- ඔන්න ඕක තමයි ලෝකෙ තියෙන මහම බොරුව." (22)

"ඉරණමයි කියල කියන්නෙ ඔයාට හැම තිස්සෙම සම්පූර්ණ කරගන්න ඕනෑ වෙලා තියෙන දේටයි. හැම කෙනෙක්ම තරුණ කාලෙදි තමුන්ගෙ ඉරණම මොකක්ද කියල දැන ගන්නවා"
"ඔවුන්ගේ ජීවිතවල ඒ සංධිස්ථානයේදී හැම දෙයම පැහැදිලියි. ඒ වගේම විය හැකියි. එතකොට තමුන්ගේ ජීවිතේදි ලැබිය යුතුයි කියල හිතන දේවල් ගැන හීන දකින්නත්, ඒවා ගැන බලාපොරොත්තු තියා ගන්නත් ඔවුන් බය වෙන්නේ නැහැ. හැබැයි කාලය ගෙවිල යනකොට තමුන්ගෙ ඉරණම යථාර්ථයක් බවට පත් කරගන්න එක විය නොහැක්කක් කියල කිසියම් අද්භූත බලවේගයක් ඔවුන්ට ඒත්තු ගන්වනවා." (26)

"ඔබ කවුරු වුණත්, ඔබ විසින් ඉටු කරනු ලබන කර්තව්යය කුමක් වූවත් යම් කිසිවක් පිළිබදව සත්ය වශයෙන්ම ඔබ තුල අවශ්යතාවක් පැන නගිනා විට එසේවන්නේ එම අභිලාෂය විශ්වාත්මය තුලින් පැන නගිනා නිසාවෙනි. මේ මිහිතලය මත ඔබේ මෙහෙවර වන්නේ එකී අභිලාෂය ජය ගැනීමයි." (26)

"මිනිසෙකුගී නියම සම්මුතිය විය යුත්තේ තම ඉරණම ජය ගැනීමයි. මේ හැම දේම එක් ප්රපංචයක්. ඉතින්, ඒ වගේම තමයිඔයාට යමක් උවමනා වෙනකොට ඒක ලබාගන්න ඔයාට උපකාර කරන්න මුළු විශ්වය ම කුමන්ත්රණය කරනවා." (27)

"නුඹ තේරුම් ගත යුතුම දේ තමයි ආලය කිසිම දිනෙක කෙනෙකුව තම ඉරණම ලුහුබැද යන ගමනෙන් වළක්වන්නේ නැති වග. ඔන්න යමෙක් එම ලුහුබැදීම නවත්වනවයි කියන්නෙ, ඒකෙ තේරුම ඔහු අත් විදින්නේ නියම ආලය, විශ්ව භාෂාවෙන් අමතන නියම ආලය නොවේය කියන එකයි. " (150)

"මිනිසුන් වැඩිපුර හීන දකින්නේ පිටත් වෙලා යන එක ගැන නෙමෙයි. ආපසු එන එක ගැනයි." (154)

"මං ඔය සමහර වෙලාවට කුණු කුණු ගෑවත්...." හදවත එසේ කියා තිබුණි. "ඒ වෙන මොකවත් නිසා නෙවෙයි මමත් මිනිහෙකුගේ හදවතක් නිසයි. අනික මිනිස්සු හැම වෙලාවෙම වගේ තමුන්ගෙ වැදගත්ම සිහින ලුහු බදින්න බයයි. මොකද ඒවා තමුන්ට හිමි නැතිය කියල හරි, නැත්තං ඒවා ලබාගන්න තමුන් අසමත්ය කියල හරි ඔවුන්ට දැනෙන නිසා. " (162)

"සිහින සැබෑ කරගන්නට කලියෙන් විශ්වාත්මය, සිහිනයේ උරුමකරුවාව දිගින් දිගටම පරික්ෂාවට ලක් කරනවා. එහෙම කරන්නේ විශ්වාත්මය නරක, අයහපත් කෙනෙක් නිසා නෙවෙයි. එතකොට අපිට සිහිනය සැබෑ කරගැනීමට අමතරව සිහිනය ලුහුබැද යන ගමනේදී ඉගෙන ගත් පාඩම් වල පරතෙරට යන්න හැකිවෙනනිසයි. මෙන්න මෙතන තමයි බොහෝ මිනිස්සු තම උත්සහය අත් හරින සන්ධිස්ථානය. අන්න ඒ අවස්තාවට තමයි කාන්තාරේ භාෂාවෙන් අපි 'ක්ෂිතිජය තුළ ගස් පෙනෙන්නට පටන් ගත් මොහොතෙදී පිපාසයෙන් මිය යාම' කියල කියන්නේ..." (165)

Friday, October 24, 2014

මුල් ගුරුතුමාට..

ආදරණීය මුල් ගුරුතුමනි,මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්යයෙකුම සත්යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න.නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ තක්කඩීන් වාගේම යහපත් උදවියත් සිටින බවමගේ පුතාට උගන්වන්න.සෑම ආත්මාර්ථකාමී දේශපාලඥයකු වෙනුවට රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන දූ පුතුන් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න. ඒවාගේම කියා දෙන්න නොමිලේ කගෙන් හරි, කොහෙන් හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තාමාගේ දහඩියමහන්සියෙන්උපයන ඩොලරය වටිනාකමෙන් වැඩි බව. එත් ඔහුට ඒ බව ඒත්තු ගැන්වීමට කලක් ගත වන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් එම න්යාය ඔහුට උගන්වන්න.පරාජය විඳ දරා ගැනීමටත් ජයග්රහණය නිහතමානීව සතුටින් භුක්ති විදීමටත් මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්රියා කරන විට ඒවා ගෙන කළ කිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම අය බව ඔහුට අවබෝධ කරවන්න.මුල් ගුරුතුමනි, ඔබට හැකිනම් ඔහුට පොතෙහි ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි, අහසේ සැරිසරන කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මී මැස්සන්, නිල්වන් කඳු බෑවුමක පිපී වැනෙන වනමල් කියාපාන සදාතනික රහස ගැන නිවීසැනහිල්ලේ සිතන්නට ඉඩ හරින්න. වංචා කිරීමට වඩා, හොර මැරකම් කිරීමට වඩා, පාරාජයට මුහුණදීම ගෞරවාන්විත බවත්, අනිත් අය කුමක් කීවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්රියා කිරීම ඉතා වටිනා බවත්, ඔහුට වටහා දෙන්න.ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතාපුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්, රළු මිනිසුන්ට දැඩි ලෙස සලකන්නටත්, තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකාරයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම් අයුතුකම් තේරුම් ගෙන ක්රියා කිරීමේ ශක්තිය ඔහුට ලබාදෙන්න. සෑම දෙනෙකුටම සවන්දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්යය අනුව කිරා මැන බලා හොඳ දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න. කුමන දුකකට පත් වූවත් එයින් පරිපීඩනය නොවී සිනාසෙන්නට ඔහුට උගන්වන්න. කදුළු හෙළීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියාදෙන්න.හැම දේකම වැරදි සොයන්නන් ගණන් නොගැනීමටත් මිහිරි චාටු බස් දොඩන්නන් ගැනපරිස්සම් වන්නටත්ඔහුට කියාදෙන්න. තමන්ගේ ගතේ සිතේ වැඩිම මිලට ඉල්ලන්නන්ට විකුණුවත් තමන්ගේ හදවත සඳහා කිසිටිටෙකත් මිලක් නොඉල්ලන්නට ඔහුට උගන්වන්න.බොරු ඝෝෂාවල් කරන සෙනග මධ්යයේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න. තමන් සත්ය යයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛර්ය්යමත්ව සටන් කරන්න ඔහුට උගන්වන්න මුල් ගුරුතුමනි. ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා.වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්න සලස්වන්න ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්රයෝජනවත් වන බව. ධෛර්ය්යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්ය ඉවසීම ඔහුටතිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න ඔහුට උගන්වන්න. මුළුමහත් මිනිස් වර්ගයා ගැනම එබඳු විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් වන්නේ එහෙම කළොත් පමණයි.ඔහුට මේ අධ්යාපනය දීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකිතාක් හැම දෙයක්ම මාගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මාගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විස්සාසයි.

මා ඔබේ හිතවත්,
ඒබ්රහිම් ලින්කන්

Thursday, October 23, 2014

සෙංකොට්ටං

"අනේ අනේ තිත්තකඩයින්නේ, උඹල මයෙ කකුල් කඩාල්ලා කඩාල්ලා මොනවදෝ කන්න දේවල් හොයාගන්නවා. මෙතන සක්විති රජතුමා වාඩිවෙලා මෙන්න මෙහෙම දෙපතුල් දියට දාගෙන උන්න නං උබලා ඒත් මේ වගේ ම කඩාල්ල කඩාල්ල කනවා. ආයෙ මෙතන ගොවිගම- කරාව- වහුම්පුර- බඩහැල- බත්ගම- ගහළ-රොඩී කියල කොයියම් ම මනුස්සයෙක් උන්නත් උඹලට ඒකෙ පංගුපේරුවක් නෑ. ඔහේ එක වාගේ ම කඩාල්ල කඩාල්ල කනවා. උබල මිනිස්සුන්ට වඩා හරි ගුන යහපත්. මං අද උන්නෙ හිතේ බොහොම වේදනාවෙන්..."(24)

"මිනිස්සු බෙදෙනව නං බෙදෙන්න ඕනෙ හොද ජාතිය නරක ජාතිය කියල විතරයි. එහෙව් නැතිව මිනිස්සු හරක් වගේ හං ගහල බෙදල වෙන් කොරන්න මොකෙකුටවත් බෑ වීරපුලියෝ..."(108)

"කෙළෝරක් නැති කරදර දුක්- ගැහැට ජීවිතේට උරුමයි තමයි. ඒත් ඔය කියන පිළිවෙලට කොහොමින් හරි අකුරු සෑස්තරේ ඉගෙනගත්තොත් එව්වයිං මිදිලා ලෝකෙට උවමනා කොරන මිනිහෙක් වගේ ජීවත් වෙන්න පුලුවන් වෙයි. අකුරුවලින් මොනව ලියනවද මං දන්නෑ සූටි කොලුවෝ. ඒත් හැම වෙලාවෙම හොද දේවල් ම හිතහං . කුරාකූඹියෙක්ට වත් රිද්දන්න හිතන්න උවමනා නෑ. හිතට දුකක් කරදරයක් ආහම මේ බෝ ගහ ගැන හිතහං. එතකොට යන්තමින් හරි හිත හරි යයි."(110)

"අපේ ළමයා ඔය උන්නැහේලායෙ දරුවෝ එක්ක එකට ඉන්දෙව්වට මාත් කැමති නෑ. මයෙත් ඇග හිරිවැටුන තමයි ඒ වෙලාවෙ. මුන්නැහෙල කැමති නං පැදුරු කෑල්ලක් එළා දීල අපේ ළමයට අයිනකිං ඉන්න දෙන්න. ඒකාට ඒක්ව් වගක් නෑ. ඒකා අකුරු ලියයි..
"(112)

"ආයෙත් අර සුවද දැනෙනවා.... රෙදි සෝඩා කලවම් වෙච්චි තම්බපු රෙදි සුවද. ඒ සුවද මට හැමදාකම දැනේවි. ඔවු... ඉදිරියටත්, මිය යන්න කලිං ගන්න අන්තිම හුස්මෙනුත් ඒ සුවද මට දැනෙයි....."(168)

වෙරොනිකා මැරෙන්න තීරණය කරයි.

ජීවිතය නිමා කර ගැනීමේ මොහොත දැන් එළඹ ඇති බව 1997 නොවැම්බර් 11 වෙනි දා වෙරොනිකා තීරණය කළාය. තමන් විසූ කන්යාරාමයේ කුලී කාමරය සැලකිල්ලෙන් අස්පස් කර ඈ තාප යන්ත්රය නිවා දමා දත කට මැදගෙන ඇදේ ඇලවුණා ය.

"තමන්ගේම ලෝකවල ඉන්න කවුරු වුණත් පිස්සෝ. ඒ කියන්නේ අනික් අයගෙන් වෙනස් වෙන මිනිස්සු.." (41)

"හරියට හරි. මේ සැරේ මං ඔයාට කතාන්දරයක් කියන්නෙ නැහැ. පිස්සුව කියන්නේ කෙනෙක්ගේ අදහස් කියාගන්න බැරිකමට. හරියට, තමන් නොදන්න රටකට ගියා වගේ. හැම දෙයක්ම පේනවා.සිද්ධ වෙන දේවලුත් තේරෙනවා. ඒත් දැනගන්න ඕන කරන දේවල්, අහන්න ඕන දේවල් අහගන්න විදිහක් නැහැ. මොකද, ඔයා දන්නේ නැහැ ඒ රටේ කතා කරන භාෂාව." (71)

එවිට මම හද පත්ලෙන්මෙසේ කීවෙමි.මෝඩයාට එය වූ පරිද්දෙන් මමටද එය ම අත්වන්නේ ය.පලයං නුඹේ පාරේකාපං නුඹේ පාන් සතොසින්වයින් බී සිතැගියාවෙන්මන්ද,දැනටමත් දෙවියෝනුඹ බාරගෙන ඇත්තා හ.හැම කුසලාකුසලයක් සමගින්.සැරසී සුදෝ සුදු වතින්හිස තෙල් ද ගා යහමින්ජීවත් වෙයන් සොම්නසින්ආලය පානා බිරිය හාහැම මොහොතක් මහැම දවසක් ම සතොසින්.ඇවිදපන් දෑස් ඇරගෙන හදවතේ පාරේ.ඒත් දැන ගනුව,දෙයියෝ නුඹ ගෙනෙන්නෝ යවිනිශ්චයටනුඹ කළ කී සියල්ලට. (164-165)

"අනන්තය වෙන කල් අපිට කල් තියෙනවා වෙරොනිකා. අර පරාදීස දර්ශන ඔළුවෙන් අයින් කරන්න දහඅතේ දුක් විද විද කොච්චරනං දවස් ගාණක්, කොච්චරනං රෑ ගාණක් මං මෙතන ගත කරලා තියෙනවද? ඊට වැඩිය කල් අපිට තියෙනවා. වෙරොනිකා,ඇත්තෙන්ම ඒවා ඔළුවෙන් අයින් වෙන්නත් ගියා. ඒත් දැන් ඒවා ආයෙත් එනවා වගෙයි මට හිතෙන්නේ.""අපි යං, පිස්සු මිනිස්සු කරන්නේ පිස්සු වැඩම තමයි.." (209)

"ගත වන හැම දවසක් ම ප්රාතිහාර්යයක්යි ඈ සිතාවි. ඇත්තටමත් එය එසේමය. අපේ මේ බිදෙනසුලු පැවැත්ම තුල ගත වන ඕනෑම මොහොතක කොපමණ නම් අතුරු ආන්තරා එළැඹිය හැකි දැ යි සිතන විට, නොමැරී ගත වන හැම දවසක් ම ඇත්තෙන් ම ප්රාතිහාර්යයක්නොවේද?? " (223)

Thursday, June 26, 2014

කුරුල්ලෙක්ගේ කතාව..

කුරුල්ලට අද හරි පාළුයි... කුරුල්ලට ලොකු තනිකමකුත් දැනෙනවා....කුරුල්ලෙක් කිව්ව ගමන් හිතේ මැවෙන්නෙ ගොඩක් සැහැල්ලුවෙන් මුළු ආකාසය පුරාම නිදහසේ එහා මෙහා පියාසර කරන රූපයක්..
ඒත් මේ කුරුල්ලටනම් එහෙම වාසනවක් නෑ.. මොකද අසරණයගෙ තටු දෙකම කැඩිල ගිහින්..
කැඩිලමත් නෙමෙයි කුරුල්ලා හැගීම් වලට ඉඩ දීල වැඩ කරන්න ගිහින් කුරුල්ලම තටු කඩාගෙන.

ඉස්සර දවසක කුරුලටත් හා හා පුරා කියල කිරිල්ලියකට ආදරේ කරන්න හිතුනා..ඉතින් කුරුල්ලා කිරිල්ලියක් හොයන් ආදරේ කරන්න පටන් ගත්තා දත කට එහෙම මැදගෙන...අනේ.... කුරුල්ලට වැරදිලානෙ., කුරුල්ල ආදරේ කරල තියෙන්නේ තමන්ගේ වර්ගෙ කිරිල්ලියෙකුට නෙමෙයි..
මෙතෙක් ලෝකයේ කිසිම පරිසරවේදියෙකුට හොයාගන්න බැරි වුනු අමුතුම ජාතියේ කිරිල්ලියකට..

Thursday, June 12, 2014

පණ්ඩිත නොවන අති පණ්ඩිතයින්...

හදිසියේම හිතට පැමිනි සිතුවිලි වචන කිරීමට සිතුවෙමි..මේ කියම්මට යන්නේ හැමදේකම වරදි අඩුපාඩු දකින උන් ගැනය.
අපි ජීවත් වන සමාජය තුල මා අකමැතිම පිරිස නම් තමා පොරක් යැයි සිතා අන් අයගේ සෑම තෝරා ගැනිමකම හොදක් නොදැක වැරදිම දකින්න කමති මිනිසුන්ය.
ඔවුන් අනෙක් පාර්ශවයේ සියළු තෝරා ගැනීම් පිළිබන්ද කතා කරන්නෙ තමා තරම් මහදැන මුත්තකු නොමැති ගානටය..නමුත් ඔවුන් දන්නා මඟුලක් නැති කටින් බතල පමණක් හිටවන පිරිසකි..