Thursday, July 16, 2015

දුප්පත් නැති දුප්පත් අපි..

දුප්පත් නැති දුප්පත් අපි...

අසරණයි පොඩි මල්ලියේ උඹ
අසරණයි උඹ දිහා බලන මම
පාර්ටි දාලා නටන අපි ගැන
කලකිරෙයි උඹෙ
මුහුණ දැක්කම...

පොළී විල්බට්ගෙ දෝණී
කටකාරයි බං නම සුගන්දී
උපන්දිනේ හරි ජයටම ගත්තා
ඇගෙ නෙමෙයි බං
'ටෙඩි බෙයාර්ගේ' ...

කෑවෙ නෑ බං
හොදට බිව්වා..
බීල බීලා
හොදට නැටුවා..
ලීලවතී බං ගෙයි වැඩකාරී
කෑම විසිකලේ ඒ මහ ගෑණී..
හිරිවැටෙයි දැං
උඹව දකිද්දී...

ඇපල් කනවා එහේ බල්ලෝ
ඇදුම් අදිනව එහේ පූසෝ
නුඹේ කුසගිනි
නිවාලන්නට
පුංචි කදුළු කැට
ඔච්චම් කර කර
පාර හොයයි අද
බිමට වැටෙන්නට...

#_අනුsh_

1 comment:

  1. හදවතට කතා කරන නිර්මානයක්....සුබ පෑතුම්....
    මල්ලියේ නාඩන්න.. ඔබෙ කදුලු ඔය කර්කශ පොලවට වටින තරම් ....
    මිනිසුන්ට නොවටීවී.....

    ReplyDelete