Thursday, July 9, 2015

කොහොඹ ගහ

කොහොඹ ගහ…


කොහොඹ ගහ මේ
ඇයිද කලබල
වැඩී උන්නා
නේද සරුවට…


කොළ හැලීලා
යනව එක දෙක
කෙදිරියක් මේ
ඇයිද හිමිහිට…


බද වටේ දැවටීල
හැම විට
ඉන්නවා දුටුවානෙ
හැම දන…


සාප ලත් ඒ
බ'වත් උදවිය
කැරලි ගැසුවේ
හොරෙන් නුඹලට…


කාෂ්ටකම මහ
ගිනි දවාලක
උනත් නූනත්
උඹේ ලෝකය
පාට වැටුනා
හරිම මිහිරිය…


එපා වී ඇති බවක්
ලෝකය
කියනු ඇසුනා
ළගම ගසකට…
දිරා යයි බද
සුළගෙ වේගෙට
පැල්ලමක් ඇත
ඇග වටේටම
ලකුණු තිබුණා
වැලක කරවිල…

.
#_අනුsh _

2 comments:

  1. ජීවිතේ පුදුමාකාරයි ... මිනිස්සු විවිදාකාරයි ...

    ReplyDelete
  2. :) :) එකනෙ ගොයියා...

    ReplyDelete