Thursday, July 30, 2015

ජීවිතේ රහ

රහ ජීවිතේ...

උපන්දා සිට
'සූකිරි' පමණක් කෑ එකෙක්
ජීවිතේ
'පැනි රසයි' කීය.
අහම්බෙන් බෙහෙත් පෙත්තක්
හැපූ එකෙක් කීවේ
ජීවිතේ
'තිත්ත' බවය...
නමුත්
උන් දෙදෙනාටම
වැරදී තිබිණ..
බොහෝ කලකට පෙර
'නෙල්ලි' ගෙඩියක්
කෑ එකෙක්
ජීවිතේ
'නියම රස'
වටහාගෙන තිබිණ...

#_අනුsh_

No comments:

Post a Comment