Thursday, June 26, 2014

කුරුල්ලෙක්ගේ කතාව..

කුරුල්ලට අද හරි පාළුයි... කුරුල්ලට ලොකු තනිකමකුත් දැනෙනවා....කුරුල්ලෙක් කිව්ව ගමන් හිතේ මැවෙන්නෙ ගොඩක් සැහැල්ලුවෙන් මුළු ආකාසය පුරාම නිදහසේ එහා මෙහා පියාසර කරන රූපයක්..
ඒත් මේ කුරුල්ලටනම් එහෙම වාසනවක් නෑ.. මොකද අසරණයගෙ තටු දෙකම කැඩිල ගිහින්..
කැඩිලමත් නෙමෙයි කුරුල්ලා හැගීම් වලට ඉඩ දීල වැඩ කරන්න ගිහින් කුරුල්ලම තටු කඩාගෙන.

ඉස්සර දවසක කුරුලටත් හා හා පුරා කියල කිරිල්ලියකට ආදරේ කරන්න හිතුනා..ඉතින් කුරුල්ලා කිරිල්ලියක් හොයන් ආදරේ කරන්න පටන් ගත්තා දත කට එහෙම මැදගෙන...අනේ.... කුරුල්ලට වැරදිලානෙ., කුරුල්ල ආදරේ කරල තියෙන්නේ තමන්ගේ වර්ගෙ කිරිල්ලියෙකුට නෙමෙයි..
මෙතෙක් ලෝකයේ කිසිම පරිසරවේදියෙකුට හොයාගන්න බැරි වුනු අමුතුම ජාතියේ කිරිල්ලියකට..



කිරිල්ලි මොන වර්ගෙද කියල දැනගෙන උන්නනම් කුරුල්ලා මෙච්චර දුරක් පියඹන් එන්නේ නෑ. ඒත් ඉතින් පරක්කු වැඩියිනෙ දැන් මොනවා කරන්නද.. කුරුල්ලා හිතුවෙම කිරිල්ලි තමන්ගෙ වර්ගේ කිරිල්ලියක් වෙන්නම ඇති කියලා..
ඊත් කිරිල්ලි කුරුල්ලගේ අත් තටු කඩා දාලා පියඹලා කොහේදෝ ඈතකට ගියාමයි කුරුල්ලත් දැන ගත්තේ කිරිල්ලි තමන්ගෙ වර්ගේ නෙමෙයි කියල.
ඉතින් දැන් කුරුල්ලට පියාඹන්න විදියකුත් නෑ තටු කැඩිල නිසා. කුරුල්ලා ඊට පස්සෙ කිරිල්ලි ගැන හොයන්න ගියෙත් නෑ.. කිරිල්ලි ආවෙත් නෑ.. කිරිල්ලි කිරිල්ලිගෙ ලෝකේ ඇති..
ඒත් කුරුල්ලට කුරුල්ලගේ ලෝකෙ හොයාගන්න බැරුව අතරමන් වෙලා....


"කුරුල්ලට ආයෙමත් තටු ඒවි...
කුරුල්ල ආයෙමත් ඉගිල්ලේවි...
කුරුල්ල අලුත් ලෝකයක් හොයා ගනීවි...
ඒත් කුරුල්ලා ආයෙමත් කිරිල්ලියක් එක්ක
කැදැල්ලක කූඩු වේවිද...??

කුරුල්ල දන්නෑ උත්තරේ....
"

3 comments:

  1. කාලයට ඉඩ දුන්නනම් හරි වගේ

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සමහර දේවල් වලදි කාලය ඔනවට වඩා කාලයක් ගන්නවනෙ උත්තර දෙන්න....

    ReplyDelete