Thursday, June 12, 2014

පණ්ඩිත නොවන අති පණ්ඩිතයින්...

හදිසියේම හිතට පැමිනි සිතුවිලි වචන කිරීමට සිතුවෙමි..මේ කියම්මට යන්නේ හැමදේකම වරදි අඩුපාඩු දකින උන් ගැනය.
අපි ජීවත් වන සමාජය තුල මා අකමැතිම පිරිස නම් තමා පොරක් යැයි සිතා අන් අයගේ සෑම තෝරා ගැනිමකම හොදක් නොදැක වැරදිම දකින්න කමති මිනිසුන්ය.
ඔවුන් අනෙක් පාර්ශවයේ සියළු තෝරා ගැනීම් පිළිබන්ද කතා කරන්නෙ තමා තරම් මහදැන මුත්තකු නොමැති ගානටය..නමුත් ඔවුන් දන්නා මඟුලක් නැති කටින් බතල පමණක් හිටවන පිරිසකි..


කෙනෙක් යම් භාන්ඩයක් මිලදී ගත්තොත් ඔවුන් කියන්නේ "අයියො මොකක්ද බන් අරන් තියෙන්නෙ මීටත් වඩා හොද එකක් මීටත් වඩා අඩුවට මන් අරන් දෙනවානේ " ආදී මෘග වචනය. දහසකුත් බලාපොරොත්තු මැද තමා ආසාවෙන් ගත් දේට මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ එවැනි අති පණ්ඩිතයන්ය.
නමුත් ඔහු විසින් මැදිහත් වී යම් භාණ්ඩයක් මිළට ගෙන දුන්නොත් උට වඩා අති පණ්ඩිතයෙක්ගෙත් අතිපණ්ඩිතයෙක් කියන්නේද් මන් කලින් සදහන් කල වචන ටිකමය.. ඉතින් දෙවියන්ගේ නාමෙන් මෙවැනි ඔලමොට්ටල වදකාර පණ්ඩිත රැලක් ඉන්නාතාක් කල් අපේ ඔලු පිරෙන්නේම සෘණාත්මක ආකල්ප වලිනි. මා මේ කියන්නේ සර්ව සාධාරන විවේචන ඉදිරිපත් කරන මිනිසුන් ගැන නොව  තමා හැමදේම දන්නා අතිපණ්ඩිතයෙක් යැයි තමා විසින්ම ලේබල් කරගෙන ඇති සුළු නොව අති මහත් පිරිස ගැනය. මෙය කියවන ඔබලා සර්ව සාධාරණ විවේචන ඉදිරිපත් කරන නිහතමානී පුද්ගල පිරිසක් යැයි සිතමි.

මාගේ යෝජනාව නම්, ජීවිතය නැමැති සුන්දර නවාතැන්පලේ ගිමන් හරින අපි අන් අයගේ අදහස්, තෝරා ගැනීම් පිලිබදව උපේක්ෂාවෙන් බැලිය යුතුය යන්නයි. මහ ලොකු හපන්කම නම් යමෙක් යමක් තෝරා ගත්තාට පසුව එහි වැරදි කියා ඔහුගේ ඔළුව අවුල් කිරීම නොවේ.තෝරා ගන්නට කලින් ඒ පිලිබද අදහස් දැක්වීමඉ. ඒ මන්ද යත් කෙනෙක් යමක් තෝර ගන්නේ ඒ තොරාගත් දෙයින් සතුටක් ප්‍රීතියක් ලබා ගැනීමට විනා පණ්ඩිත රාලලාගේ කියමන් නිස ඔලුව අවුල් කරගන්නට නොවන නිසාය. එනිසා ඔබ පණ්ඩිත සර්ව අසුභවාදියෙක් නොවී අන් අයගේ තෝරා ගැනීම් පිළිබද්ව නිහතමානීව සතුටු වන්නෙක් වන්න.

අහවරයි...

1 comment:

  1. ඉතාමත් වැදගත් අදහසක්....

    ReplyDelete