Thursday, October 23, 2014

සෙංකොට්ටං

"අනේ අනේ තිත්තකඩයින්නේ, උඹල මයෙ කකුල් කඩාල්ලා කඩාල්ලා මොනවදෝ කන්න දේවල් හොයාගන්නවා. මෙතන සක්විති රජතුමා වාඩිවෙලා මෙන්න මෙහෙම දෙපතුල් දියට දාගෙන උන්න නං උබලා ඒත් මේ වගේ ම කඩාල්ල කඩාල්ල කනවා. ආයෙ මෙතන ගොවිගම- කරාව- වහුම්පුර- බඩහැල- බත්ගම- ගහළ-රොඩී කියල කොයියම් ම මනුස්සයෙක් උන්නත් උඹලට ඒකෙ පංගුපේරුවක් නෑ. ඔහේ එක වාගේ ම කඩාල්ල කඩාල්ල කනවා. උබල මිනිස්සුන්ට වඩා හරි ගුන යහපත්. මං අද උන්නෙ හිතේ බොහොම වේදනාවෙන්..."(24)

"මිනිස්සු බෙදෙනව නං බෙදෙන්න ඕනෙ හොද ජාතිය නරක ජාතිය කියල විතරයි. එහෙව් නැතිව මිනිස්සු හරක් වගේ හං ගහල බෙදල වෙන් කොරන්න මොකෙකුටවත් බෑ වීරපුලියෝ..."(108)

"කෙළෝරක් නැති කරදර දුක්- ගැහැට ජීවිතේට උරුමයි තමයි. ඒත් ඔය කියන පිළිවෙලට කොහොමින් හරි අකුරු සෑස්තරේ ඉගෙනගත්තොත් එව්වයිං මිදිලා ලෝකෙට උවමනා කොරන මිනිහෙක් වගේ ජීවත් වෙන්න පුලුවන් වෙයි. අකුරුවලින් මොනව ලියනවද මං දන්නෑ සූටි කොලුවෝ. ඒත් හැම වෙලාවෙම හොද දේවල් ම හිතහං . කුරාකූඹියෙක්ට වත් රිද්දන්න හිතන්න උවමනා නෑ. හිතට දුකක් කරදරයක් ආහම මේ බෝ ගහ ගැන හිතහං. එතකොට යන්තමින් හරි හිත හරි යයි."(110)

"අපේ ළමයා ඔය උන්නැහේලායෙ දරුවෝ එක්ක එකට ඉන්දෙව්වට මාත් කැමති නෑ. මයෙත් ඇග හිරිවැටුන තමයි ඒ වෙලාවෙ. මුන්නැහෙල කැමති නං පැදුරු කෑල්ලක් එළා දීල අපේ ළමයට අයිනකිං ඉන්න දෙන්න. ඒකාට ඒක්ව් වගක් නෑ. ඒකා අකුරු ලියයි..
"(112)

"ආයෙත් අර සුවද දැනෙනවා.... රෙදි සෝඩා කලවම් වෙච්චි තම්බපු රෙදි සුවද. ඒ සුවද මට හැමදාකම දැනේවි. ඔවු... ඉදිරියටත්, මිය යන්න කලිං ගන්න අන්තිම හුස්මෙනුත් ඒ සුවද මට දැනෙයි....."(168)

1 comment:

  1. සුපිරි කතාවක් .... හිතට දැනෙනවා ..

    ReplyDelete