Saturday, August 8, 2015

ලේ වල පාට

ලේවල පාට.....

මං උඹේ පිටිපස්සෙන් ඇවිත්
පිහියෙන් ඇන්නා
ඒ උඹ මට වැරැද්දක්
කරපු නිසා නෙමෙයි
උඹ මගේ 'ජාතියේ'
එකෙක් නෙමෙයි කියල
'අනිත් උන්' කියපු නිසා...
උඹ කෑගැහුවෙ නෑ
ඒත් උඹෙන් වැටෙන
ලේ බිංදු විලාප දුන්නා..
මං ඒ ලේ බිංදුවල
පාට හෙව්වා..
ඒවා
සිංහල පාටවත්, මුස්ලිම් පාටවත්,
දෙමළ පාටවත් නෙමෙයි බං..
ඒවා
අපේ පාට......
"මනුස්ස පාට"......

#_අනුsh_

1 comment:

  1. මේ "ද්වේශපාලන" උණුසුම අතරේ ලේ වල ඇත්ත ජාතිය හොයන එක ගැන සතුටුයි.

    ReplyDelete